Friday, 30 July 2010

සීතල රටක



සීතල රටක නුඹ තනි වී සුසුම් හෙලයි
සුපුරැදු රටේ මා තනි වී සුසුම් හෙලයි
දෙදෙනාම විදින්නේ එකම දුකයි
ගෙවා දමන්නට ඇත තව පුංචි දවසක්
එතෙක් ඉවසමු රත්තරං
නැත කරන්නට වෙන දෙයක්...

මගේ හිතට ඇති එකම ශක්තිය
ඔබේ විශ්වාසය පමණයි
ඔබේ හිතට ඇති එකම ශක්තිය
මගේ විශ්වාසය පමණයි

ඔබත් මාත් කැප වී සිටින්නේ
අප දෙදෙනාගේ පිවිතුරැ ආදරයේ නාමයටයි

අප දෙදෙනා නැවත හමු වෙන තුරැම
ඒ නිමල ආදරය රැක ගනිමු
එය එසේ වන බව නම් ඒකන්තය
ඒ අප දෙදෙනාගේ විශ්වාසයේ
බැදීමයි......

No comments:

Post a Comment